අගනුවර ඇතුලු තදාසන්න ප්‍රදේශයන් හි රජයේ රෝහල් වල පවතින ශල්‍යාගාරවලට ඇති අධික පොරොත්තු ලේඛන තදබය හේතුවෙන් එයට පිළියමක් ලෙස පෞද්ගලික රෝහල්වල ශල්‍යාගර කුලියට ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
කොළඹ ජාතික රෝහලේ මෙන්ම අගනුවරට තදාසන්න රෝහල් රැසක ශල්‍යාගාරවල පවතින තදබදය රෝගීන්ට ශල්‍යකර්ම කර ගැනීමට දිගු කාලයක් පොරොත්තු ලේඛනවල සිටීමට සිදුවන බවට ලැබුණු තොරතුරු මත මෙම පියවර ගෙන තිබෙි.
ඒ අනුව පෞද්ගලික රෝහල් ශල්‍යාගාර ලබා ගන්නා ආකාරය පිළිබඳ විධිමත් වැඩපිළිවෙලක් සකස් කොට බාර දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට දැනුම් දුන් බවට වාර්තා වේ.