උතුරු තුර්කියේ බාර්ටින් ප්‍රාන්තයේ ගල් අඟුරු ආකරයක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් තවත් පිරිසක් පොළව යට සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පිපිරීම සිදුවන අවස්ථාවේ 110 දෙනෙකු පමණ පතල තුළ වැඩ කරමින් සිට ඇති අතර, ඉන් බහුතරයක් මීටර් 300කට වැඩි ගැඹුර පතලක සේවය කර ඇතිබවට වාර්තා වෙයි.
තුර්කියේ සෞඛ්‍ය අමාත්‍ය ෆාරටින් කෝකා පැවසුවේ පුද්ගලයන් 11 දෙනෙකු බේරාගෙන ප්‍රතිකාර ලබමින් සිටින බවයි.