බස්නාහිර, දකුණ, සහ මධ්‍යම පළාත්වල ත්‍රිරෝද රථ සංඛ්‍යාව අඩු කර විද්‍යුත් කාර් රථ හඳුන්වා දෙන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබේ.
ත්‍රිරෝද රථ කුලී ගමන් වෙනුවට පොදු ප්‍රවාහනයට යොදා ගැනීම සඳහා මෙම පියවර කඩිනම් කළ යුතු බවද සඳහන් කරමින් එම සංගමය ජනාධිපතිවරයා වෙත යෝජනාවලියක් භාරදී ඇත.
දැනට රට පුරා ලක්ෂ 11ක් පමණ වන ත්‍රිරෝද රථවලින් ලක්ෂ නමයක් පමණ කුලී රථ ලෙස භාවිත කෙරේ. එම රථ නියාමනය කිරීම සඳහා වූ ප්‍රධාන යෝජනා තුනක් ඊට ඇතුළත් කර ඇත. පෞද්ගලික පරිහරණය කුලී ගමන් හා පොදු ප්‍රවාහනය යන කාණ්ඩ ලෙස වර්ග කර ඒවා ජනතාවට පහසුවෙන් හඳුනාගත හැකි ආකාරයට වර්ණවත් ස්ටිකරයක් යොදා ප්‍රදේශයේ පොලිසිය, ප්‍රාදේශීය සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව නියාමනය කිරීම සඳහා යෝජනා කර තිබේ. අදාළ යෝජනා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්නගේ විසින් ලබා දී ඇත.
එහිදී මගීන්ට පහසුවෙන් රියැදුරාගේ නම දුරකථන අංකය ආදිය ජංගම දුරකථන මෙවලමක් මගින් (ඇප් හා GPS) හඳුනා ගැනීමට හැකිවන ආකාරයට හැසිරවීමට නියමිතය.
දැනට බස්නාහිර, දකුණ, මධ්‍යම පළාත්වල වැඩි වී ඇති ත්‍රිරෝද රථ වෙනත් පළාත්වලට අලෙවි කරන අයට විශේෂ ණය පහසුකමක් යටතේ දේශීයව නිෂ්පාදන විද්‍යුත් කාර් රථයක් මිලට ගැනීමටත් ඒ සඳහා දේශීය ආයෝජකයන් මගින් එම රථ නිෂ්පාදනයට අවශ්‍ය සහන සැලසීම ආදී කාර්යයන්ද මෙම යෝජනා මාලාවට ඉදිරිපත් කර තිබේ.