කෝටාව වැඩි කළොත් ගාස්තු අඩු කරන බව ත්‍රීරෝද රථ සංගම් කියයි

October 16, 2022 - 10:52 AM

කෝටාව වැඩි කළොත් ගාස්තු අඩු කරන බව ත්‍රීරෝද රථ සංගම් කියයි | දේශීය පුවත්

ත්‍රීරෝද රථ සඳහා දැනට සතියකට ලබාදෙන ලීටර් පහක ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට පියවර ගතහොත් ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට සූදානම් බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

පසුගියදා පෙට්‍රල් මිල රුපියල් 40 කින් පහත දැමීමට පියවර ගැනුණත්, ත්‍රීරෝද රථ වෘත්තීය සංගම් සිය ගාස්තු පහත දැමීමට පියවර ගත්තේ නැහැ.

ඒ, සතියකට හිමිවන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බැවින් අයථා ක්‍රමවලින් කුලී ගමන් සඳහා ඉන්ධන ලබාගැනීමට සිදුව ඇති බව පවසමින්.

කෙසේ වෙතත්, ත්‍රීරෝද රථ සඳහා දැනට පවතින කෝටාව ලබන සතියේ සිට වැඩි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ ප්‍රකාශ කළා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment