ජල විදුලි නිෂ්පාදනය 60% දක්වා ඉහළට

October 16, 2022 - 10:58 AM

ජල විදුලි නිෂ්පාදනය 60% දක්වා ඉහළට | දේශීය පුවත්

ජාතික විදුලිබල පද්ධතියට මේ වනවිට ජල විදුලියෙන් 60% ක ධාරිතාවක් එක් කෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ වනවිට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාවය 78% මට්ටමට ළඟා වී තිබෙනවා.

ඒ සමඟ ඊයේ සහ පෙරේදා දින දෙක තුළ ජල විදුලි උත්පාදනයෙන් ජාතික පද්ධතියට 60% ක ධාරිතාවක් එක් කර ඇති අතර, තාප, සුළං සහ විදුලි නිෂ්පාදනයෙන් ඉතිරි විදුලි අවශ්‍යතාවය සපුරාගෙන ඇති බවයි විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මේ අතර, නඩත්තු කටයුතු සඳහා පසුගිය ජුනි මාසයේදී අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය එළැඹෙන සතියේදී ජාතික පද්ධතියට එක් කිරීමට ද නියමිතයි.

එමගින් මෙගාවොට් 300 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙනවා. නොරොච්චෝලේ බලාගාරය මෙගාවොට් 300 බැගින් උත්පාදනය කෙරෙන ජනන යන්ත්‍ර 03 කින් සමන්විතයි.

මේ වනවිට ක්‍රියාත්මක ජනන යන්ත්‍ර දෙක මගින් මෙගාවොට් 600 ක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර, නඩත්තු කටයුතු සිදු කෙරෙන දෙවන ජනන යන්ත්‍රයත් පද්ධතියට එක් කිරීමෙන් අනතුරුව බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වනු ඇති.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment