රුසියාවේ වෙඩි තැබීමක්: ස්වේච්ඡා භට පිරිසක් මරුට

October 16, 2022 - 11:11 AM

රුසියාවේ වෙඩි තැබීමක්: ස්වේච්ඡා භට පිරිසක් මරුට | විදේශීය පුවත්

රුසියාවේ මිලිටරි පුහුණුවක් ලබමින් සිටි පිරිසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රහාරයෙන් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පිරිස යුක්‍රේනයේ රාජකාරි සඳහා යෙදවීමට සූදානම් කරමින් සිටි භට පිරිසක් බවට රුසියානු බලධාරීන් සඳහන් කර ඇත.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, සෙනසුරාදා (ඔක්. 15) උදෑසන අවි රැගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ප්‍රහාරය එල්ල කරනු ලැබ ඇති බව ය.

යුක්‍රේනයට මායිම වන බෙල්ගොරොඩ් කලාපයේ සටන් කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී පුහුණුව ලබමින් සිටි පිරිසක් එලෙස ප්‍රහාරයට ලක් වී තිබේ.

ප්‍රහාරයෙන් පැය ගණනකට පසු රුසියානු බලධාරීන් විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක සඳහන් කර ඇත්තේ, ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් දෙදෙනා ත්‍රස්තවාදීන් බවත් සිද්ධිය අතරතුර සිදු වූ වෙඩි හුවමාරුවකදී ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වූ බවත්ය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment