ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු යළි සංචිතයට කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ආබාධයකට ලක්වීම හේතුවෙන් 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි නොවන අතර ඔහු වෙනුවට බිනුර ප්‍රනාන්දු සංචිතයට එක්කර තිබේ.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට සුදුසුකම් ලැබීමේ තරග අද (16) ආරම්භ වුණි.
එහි පළමු තරගය ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවැත්වෙයි.
ගීලොන්ග් හි පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.