ඉන්දීය ධීවරයින්ට පහරදීමක් - ලංකාවේ සිට පැමිණි පිරිසකගෙන් බවට සැකයක්

October 16, 2022 - 11:24 AM

ඉන්දීය ධීවරයින්ට පහරදීමක් - ලංකාවේ සිට පැමිණි පිරිසකගෙන් බවට සැකයක් | විදේශීය පුවත්

ඉන්දීය ධීවරයින් 11 දෙනෙකුට ජාත්‍යන්තර මුහුදේදී පුද්ගලයින් පිරිසක් විසින් පහරදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කරෙයිකාල්හි ධීවරයින් 07 දෙනෙකුට සහ මයිලඩුතුරෙයිහි ධීවරයින් සිව්දෙනෙකුට යකඩ පොලුවලින් පහරදී ඇති බව වාර්තා වේ.

බෝට්ටු 04කින් ශ්‍රී ලංකාවේ සිට පැමිණි පුද්ගලයින් 20 දෙනෙකු පමණ මෙම පහරදීම සිදුකර ඇති බවට තුවාල ලැබූ ධීවරයින් ප්‍රකාශ කර තිබේ.

තුවාල ලැබූ ධීවරයින් මේ වන විට කරෙයිකාල් රෝහලේ සහ මයිලඩුතුරෙයි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් විය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment