මහ කන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර ආනයනය කිරීමට අදාළ සමාගම් වෙත අනුමැතිය ලබාදී ඇති බව කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පවසයි.
මහ කන්නය සඳහා අවශ්‍ය යුරියා මෙට්‍රික් ටොන් 150,000ක් මිලදි ගැනීම සඳහා ඉදිරිපත් කර තිබු ටෙන්ඩරයට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණි.
අදාළ අනුමැතිය යුරියා පොහොර සැපයීම සඳහා ටෙන්ඩරය ඉදිරිපත් කර ඇති සමාගම් වෙත ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඒ අනුව 2022, 2023 මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර නියමිත දිනයන් තුළ ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවනු ඇත.
කෙසේවෙතත් ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව පොළොන්නරුව සහ අනුරාධපුර ප්‍රදේශවල ගොවීන් චෝදනා කරයි.
මේ අතර සහල් ආනයනය කිරීම හේතුවෙන් දේශිය සහල් ව්‍යාපාරිකයා බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එහි සභාපති මුදිත් පෙරේරා මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් වී මෝල් රැසක් මේ වන විට වැසී යමින් පවතින බවය.