ගිනිගත් කජීමාවත්තේ වාර්තාව නිකුත් වෙයි

October 16, 2022 - 1:25 PM

ගිනිගත් කජීමාවත්තේ වාර්තාව නිකුත් වෙයි | දේශීය පුවත්

ගිනිගැනීමට ලක්වු මෝදර මාදම්පිටිය කජීමාවත්තේ පදිංචිකරුවන් අතරින් 214 දෙනෙකු නිවසක් ලබාගැනීමට අවශ්‍ය අවම සුදුසුකම්වත් සපුරා නොමැති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වාදෙන්නේ කජීමාවත්ත ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සහ නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදුන් වාර්තාව මඟින් අදාළ තොරතුරු අනාවරණය වී ඇති බවය.

ඒ අනුව නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ අනුමත ප්‍රතිපත්තිවලට අනුව ඔවුන්ට නිවාස ලබාදීමේ හැකියාවක් නොමැති බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

කජීමාවත්තේ අනවසර පදිංචි පවුල් 291ක් පමණ සිට ඇති අතර ඉන් පවුල් 57කට 2019 වසරේ දි නිවාස ලබාදීමට අනුමැතිය හිමිවී තිබුණි.

ඒ අනුව තවත් පවුල් 20කට ද සුදුසුකම් සපුරා ඇති බැවින් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ නිවාස ලබාදීමට හැකියාව පවතින බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය සඳහන් කළේය.

අනෙක් කිසිදු පුද්ගලයෙකුට නිවාස ලබාදීමට හැකියාව නොමැති බවද එම අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment