2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, පළමු වටයේ පළමු තරගය ලෙස ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 55කින් ජයගැනීමට නැමීබියා කණ්ඩායම සමත් විය.
තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් නැමීබියා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 163ක් ලබාගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 108 ක් පමණයි.
තරඟයේ වීරයා ලෙසින් සම්මාන ලැබුවේ පන්දු යවමින් ලකුණු 26ට කඞුළු 2ක් සහ පන්දුවට පහරදෙමින් ලකුණු 44ක් ලබාගත් නැමීබියා කණ්ඩායමේ යාන් ෆ්‍රයිලින්ක්.
තරඟයේ ලකුණු පුවරුව පහතින්,