තවත් අලුත් මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන්

October 16, 2022 - 1:38 PM

තවත් අලුත් මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් | දේශීය පුවත්

ශ්‍රී ලකාවේ ජෛව විවිධත්වය වැඩි කරමින් නව මදුරු ව්ෂේශයක් සොයාගැනීමට වෛද්‍ය පර්‍යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම සමත්ව තිබේ.එම මදුරු ව්ශේෂය ශ්‍රී ලංකාවෙ මීරිගම සහ කලුතර ප්‍රදේශ වලින් දැනට වාර්තා වී තිබෙනව.

Culex(lephoceraomyia) cinctellus කියුලෙක්ස් සින්ටෙලස් නැමති මෙම විශේෂය දැනට ලෝකේ තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් වාර්තා වී තිබේ.මෙම මදුරු විශේෂය රෝග වාහකයෙක්ද නැද්ද යන වග තවමත් පර්‍යේෂණ මට්ටමේ පවතින අතර ලෝකය තුලද රෝග වාහකයකු වශයෙන් වාර්තා වී නොමැත.

මීට අමතරව එම කණ්ඩායම විසින්ම මෑතකදී culex ගණයට අයත් cx.sp near infula කියුලෙක්ස් නියඉන්ෆියුලා නැමති මදුරු විශේෂය ද සොයාගැනීමට සමත් විය.එම මදුරුවා ඉන්දියාව තුල මොලේ මැලේසියාව රෝගය බෝ කරන culex infula යන මදුරු විශේෂයට ඉතාමත් ආසන්න මදුරු විශේෂයක් වන අතර ශ්‍රී ලංකාව තුල වාහකයෙක්ද නැත්ද යන වග තවමත් පර්‍යේෂණ මට්ටමේ පවතින අතර ඔහු වාහකයකු වීමේ වැඩි සම්භාවිතාවයක් පවතී.

මෑත කාලය තුල නව මදුරු විශේෂ 03 ක් සෞඛ්‍ය කීටවිද්‍යා නිළධාරින් විසින් සොයාගැනීමට සමත් වූ අතර තවත් මදුරු විශේෂ 04 ක් ශ්‍රී ලංකාව තුල තහවුරු කරගනිමින් ජානමය පර්යේෂණ සඳහා නියදි යවා ඇත.මෑත කාලය තුල මෙම නව සොයා ගැනීම් සමග කීට විද්‍යා ක්ෂේත්‍රය තුලින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් වෙනස් කම් ඇති වියභැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment