කරවල මිල පහළට

October 17, 2022 - 6:28 AM

කරවල මිල පහළට | දේශීය පුවත්

පසුගිය මාස 6 කට සාපේක්ෂව කරවල මිල සියයට 35 ත් 40 ත් අතර ප්‍රතිශතයකින් අඩුවී ඇති බව කරවල ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති ආර්.ජී. විල්සන් ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ දේශීය සහ විදේශීය කරවල තොග ලැබීම ඇතුළු හේතු කිහිපයක් මීට බලපා ඇති බවයි.

මේ අතර, එළවළු වල මිල ගණන් යම්තාක් දුරට අඩු වුවත් ඒවා මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළඳුන්ගේ සහ පාරිභෝගිකයන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ සභාපති ඩී.එන්.සිල්වා ප්‍රකාශ කළා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment