ගෝලීයව කුසගින්න මැද තැනකට ගෙන ආ ශ්‍රි ලංකාව

October 17, 2022 - 8:25 AM

ගෝලීයව කුසගින්න මැද තැනකට ගෙන ආ ශ්‍රි ලංකාව | විදේශීය පුවත්

2022 වසරේ ගෝලීය කුසගිනි දර්ශකයේ 64 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

මෙවර කුසගිනි දර්ශකයට රටවල් 121ක දත්ත සලකා බලා ඇති අතර
ලකුණු 13. 6ක් හිමි කරගත් ශ්‍රී ලංකාව මෙම දර්ශකයට අනුව කුසගින්න අතින් මධ්‍යස්ථ මට්ටමේ පසුවනවා.

screenshot_20221017_075918 

ඉකුත් වසරේ කුසගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 116ක් අතරින් 65 වන ස්ථානයේ පසුවුණා.

සංවර්ධනය වෙමින් පවතින රටවල් යොදා ගනිමින් අයර්ලන්තයේ සහ ජර්මනියේ සංවිධාන දෙකක් එක්ව වාර්ෂිකව මෙම ගෝලීය කුසගිනි දර්ශකය පිළියෙල කරනු ලබනවා.

රටවල ආහාර හිඟය, නිසි පෝෂණයක් නොමැතිවීම, ළමයින්ගේ වර්ධනය, සමබල අහාර වේලක් සපයා ගැනීමට ඇති හැකියාව, වයසට සමගාමීව ළමයින්ගේ වර්ධනය සිදුවීම සහ ළදරු මරණ අනුපාතිකය වැනි කරුණු මෙහිදී සලකා බැලෙනවා.

මෙම වසරේ කුසගිනි දර්ශකයේ දකුණු ආසියානු රටවල් අතරින් ඉන්දියාව 107 වන ස්ථානයට පසුබැස ඇත්තේ 101 වන ස්ථානයේ සිටයි.

screenshot_20221017_081053 

පාකිස්ථාන 99 වන ස්ථානයේත් බංග්ලාදේශය 84 වන ස්ථානයේත් පසුවනවා.

 ලෝක කුසගිනි දර්ශකයේ පළමු ස්ථානය හෙවත් අවම කුසගින්නෙන් පෙලෙන්නන් සිටින රට ලෙස දක්වා  බෙලරුසියාවයි.

screenshot_20221017_075845 
යේමනය මෙම දර්ශකයේ 121 වැනි ස්ථානයේ පසුවන්නේ වැඩිම කුසගිනි සහිත වූවන්ගේ රට ලෙස අවසන් ස්ථානයට පත්වෙමිනි.

screenshot_20221017_080000 

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශය සදහන් කර තිබුණේ මෙම දර්ශකය සැකසීමේ දී වැරදි ගණනය කිරිම් සිදුව ඇති බැවින් එය පිළිගත නොහැකි බවයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment