කඩවත පොලිස් වසමේ ගෝනහේන ප්‍රදේශයේදී දේපළ සොරකම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 300ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසිය සඳහන් කළේ, කඩවත පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදු කර අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව ය.
සැකකරු පොල් කැඩීමේ මුවාවෙන් නිවෙස් වෙත පැමිණ දේපළ සොරකම් කරන බවට අනාවරණය වී ඇති අතර සැකකරු සොරකම් කළ පාපැදි 2ක් ද සොයා ගෙන ඇති බව පොලිසිය පැවසීය.
සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු බවට ද අනාවරණය වී ඇති අතර ඔහු අද (ඔක්. 17) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.