චීන මහජන විමුක්ති හමුදාව ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සිදු කරන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුව වන බව ඉන්දියාව පවසයි.
තමිල් නාඩු බුද්ධි අංශ අනතුරු අඟවා ඇත්තේ, චීනය සිදු කරන ක්‍රියාකාරකම් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ය.
ඒ අනුව චන්ද්‍රිකා, ඩ්‍රෝන සහ අනෙකුත් සන්නිවේදන උපකරණ වැනි අධිතාක්ෂණික උපකරණ භාවිතයෙන් චීන මහජන විමුක්ති හමුදාව සිදු කරන ක්‍රියාකාරකම් පිළිබඳව නිරන්තර සෝදිසියෙන් පසු විය යුතු බවට තමිල් නාඩු ප්‍රාන්තයේ වෙරළබඩ දිස්ත්‍රික්ක වෙත උපදෙස් දීමට ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත.
අනතුරු ඇඟවීම නිකුත් කරමින් තමිල් නාඩු බුද්ධි අංශ සඳහන් කර ඇත්තේ, මුහුදු කූඩැල්ලන් ඇති කිරීම සඳහා චීන හමුදාව නවීන තාක්ෂණික උපකරණ යොදවා ඇති බව ය.
චීන ජාතිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකයට අයත් පිරිසකගේ සහය ඇතිව මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට රහසිගතව ඇතුළු වීමෙන් අනතුරුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ.