T56 අවියක් හමුදාවෙන් පිටතට දුන් යුද්ධ හමුදා සැරයන්වරයෙක් අත්අඩංගුවට

October 17, 2022 - 2:49 PM

T56 අවියක් හමුදාවෙන් පිටතට දුන් යුද්ධ හමුදා සැරයන්වරයෙක් අත්අඩංගුවට | දේශීය පුවත්

විශේෂ කාර්ය බලකාය නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් ඊයේ  (10.16) දින දෙවන කමාන්ඩෝ රෙජිමෙින්තුවේ කිලිනොච්චිය කදවුරේ දී කල සෝදිසියකදී  මාණ්ඩළික  සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ  කමාන්ඩෝ මාණ්ඩලික සැරයන්වර යෙක් (RSM) වන අතර ඔහු සන්තකයේ තිබූ  ජංගම දුරකථන 02 ක් ද විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබේ.

පසුගිය 12 වන දින අහුංගල්ල RIU හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමට භාවිත කල දෙවන කමාන්ඩෝ රෙජිමෙින්තුවේ කිලිනොච්චිය කදවුරට අයත් T56 - 2612651 අංක දරන ගිණි අවිය පෙර අත්අඩංගුවට ගන්නා ලද රණසිංහ ආරච්චිගේ දිනේෂ් සමන්ත යන අයට ලබා දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දීම සමිබන්ධයෙන් මෙම සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

 වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවට ගත් සැරයන්වරයා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

img-20221017-wa0043 img-20221017-wa0044 

WhatsApp
Telegram
Make a Comment
Make a Comment