සිම්බාබ්වේ කණ්ඩායමට සුපිරි ජයක් - #T20WorldCup - Ireland vs Zimbabwe

October 17, 2022 - 6:14 PM

සිම්බාබ්වේ කණ්ඩායමට සුපිරි ජයක් - #T20WorldCup - Ireland vs Zimbabwe | ක්‍රීඩා පුවත්

අයර්ලන්ත කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 31කින් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීම සඳහා B කාණ්ඩය යටතේ මෙම තරගය හෝබාර්ට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත්තේ ලකුණු 143ක් පමණි.

පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Blessing Muzarabani ලකුණු 23කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.


Richard Ngarava සහ Tendai Chatara කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.

Sean Williams සහ Sikandar Raza එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment