මැණිකෙට තවත් සම්මානයක්

October 18, 2022 - 5:23 AM

මැණිකෙට තවත් සම්මානයක් | විචිත්‍ර පුවත්

ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාට සංස්කෘතික ප්‍රවර්ධනයේ විශිෂ්ට ජයග්‍රහණ වෙනුවෙන් වූ සම්මානය පිරිනමා තිබේ. පසුගිය 13 වැනිදා  ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට සංචාරක සමුළුව මගින් මෙම සම්මානය පිරිනමා ඇත.

මෙවැනි ගෞරවනීය සම්මානයක් ලැබීම ගැන තමාට මහත් ගෞරවයක් ඇති බවත්, තමාගේ ගීත හරහා එවැනි බලපෑමක් ඇති කරන බව දැන ගැනීම සතුටක් බවත් යොහානි ප්‍රකාශ කර තිබේ. ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි ගීතයද මේ දිනවල ඉන්දියාව මෙන්ම ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment