නෙළුම් කුලුනෙන් කෝටි 9ක ආදායමක්

October 18, 2022 - 5:35 AM

නෙළුම් කුලුනෙන් කෝටි 9ක ආදායමක් | දේශීය පුවත්

දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙන නෙළුම් කුලුන ජනතා අයිතියට පත් කර ගත වූ මාසය තුළදී රුපියල් ලක්ෂ 900 ක ආදායමක් හිමිවී ඇතැයි නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

එය නැරඹීම සඳහා මෙරට සහ විදෙස්ගත සංචාරකයන් (165000) එක්ලක්ෂ හැට පන්දහසක් පැමිණ ඇතැයි ද ප්‍රධාන විධායක නිලධාරිවරයා කීය.

එකී ආදායම හිමිවී ඇත්තේ නැරඹීම සඳහා පැමිණෙන අය මිලදී ගත් ප්‍රවේශ පත්‍රවලින් සහ එහි අභ්‍යන්තරයේ පිහිටි විවිධ ආයතනවලින් ලබාගත් පහසුකම්වලින් බව ප්‍රධාන විධායක නිලධාරිවරයා වැඩිදුරටත් පැවසීය.

එය ජනතා අයිතියට පත් කළ ඉකුත් සැප්තැම්බර් 15 වැනිදා පළමු දිනයේ දී විදේශිකයන් 21 දෙනකු ඇතුළු පුද්ගලයන් 2612 නැරඹීමට පැමිණ රුපියල් ලක්ෂ 15ක ආදායමක් ලබාගෙන තිබිණි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment