සිව් දෙනකුගේ පවුලකට ජීවත්වෙන්න මාසයකට වැය වන මුදල

October 18, 2022 - 8:01 AM

සිව් දෙනකුගේ පවුලකට ජීවත්වෙන්න මාසයකට වැය වන මුදල | දේශීය පුවත්

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන මාසික දරිද්‍රතා රේඛා සටහනෙහි නවතම වාර්තාවට අනුව සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රුපියල්. 53,840 ක් වේ.

එම වාර්තාවට අනුව අගෝස්තු මාසයේ මෙරට එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 13,460 ක් ලෙස සඳහන් කර ඇත. මෙම අගය 2022 ජූලි මාසයේ දී රුපියල්. 13,138 ක් වශයෙන් වාර්තා විය.
එසේම මෙම වාර්තාවට අනුව සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන අයෙකුටය.එය රුපියල් 14,517 කි. මෙහි අවම අගය වාර්තා වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය රුපියල්. 12,870 ක් වේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment