ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, අනුරකුමාර හමුවෙයි

October 18, 2022 - 6:00 AM

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්,  අනුරකුමාර හමුවෙයි | දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ වත්මන් සමාජයීය, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සමග ඊයේ (17) අදහස් හුවමාරු කරගත් බව  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවති හමුවකදී ශ්‍රී ලංකාවේ වත්මන් සමාජයීය, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව මෙසේ සාකච්ඡා කර ඇත.

අනුර කුමාර දිසානායක මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ  ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියද  මෙම හමුවට සහභාගී වී තිබේ.එසේම  ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සමග තොරතුරු නිලධාරිනී ට්‍රිවාන් ඇනකැරේජ් මහත්මියද මෙම හමුවට සහභාගී වී ඇත.


capture

WhatsApp
Telegram
Make a Comment
Make a Comment