තෙල් සංස්ථා සේවකයින් අද ලෙඩ වෙයි - ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

October 18, 2022 - 9:31 AM

තෙල් සංස්ථා සේවකයින් අද ලෙඩ වෙයි - ඇමතිගෙන්  අනතුරු ඇඟවීමක් | දේශීය පුවත්

ඛනිජ තෙල් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති පසුබිමක යම් කිසි සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් එම රෙගුලාසි කඩ කරන්නේ නම් ඔවුන්ට එරෙහිව කඩිනමින් නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, ඉකුත් මාස 6 තුළ ඛනිජ තෙල් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති බව ය.

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (ඔක්. 18) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර ඊට විරෝධය පළ කරමින් කොළොන්නාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල ඉන්ධන බෙදාහැරීම් මධ්‍යස්ථානවල තෙල් සංස්ථා සේවකයින් අද අසනීප නිවාඩු වාර්තා කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.
 
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමට බලපෑම් එල්ල විය හැකි බවයි ඛනිජ තෙල් පොදු සේවක සංගමය සඳහන් කලේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment