ලක්ෂ 3ක දුම්වැටි අනුරාධපුරයෙන් අල්ලයි

October 18, 2022 - 2:19 PM

ලක්ෂ 3ක දුම්වැටි අනුරාධපුරයෙන් අල්ලයි | දේශීය පුවත්

අනුරාධපුර තිස්ස මාවත විජයපුර ප්‍රදේශයේ නිවසක් වටලා දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකා අනුරාධපුර කදවුරේ නිලධාරීන් විසින් සැකකරු සහ දුම්වැටි තොගය අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සන්තකයේ තිබී දුම්වැටි විසි පන්දහසක් පොලිසිය භාරයට ගෙන ඇත.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තුනකට ආසන්න වේ.

එම දුම්වැටි තීරුබදු රහිතව හොර රහසේ  මෙරටට ආනයනය කර ඇති බව පොලීසිය පවසයි.

වැඩිදුර විමර්ශන සඳහා අදාළ දුම්වැටි සහ සැකකරු අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment