ලංකාවෙන් UAE වෙත ලකුණු 153ක ඉලක්කයක් - #T20WorldCup - Sri Lanka Vs UAE

October 18, 2022 - 3:22 PM

ලංකාවෙන් UAE වෙත ලකුණු 153ක ඉලක්කයක් - #T20WorldCup - Sri Lanka Vs UAE | ක්‍රීඩා පුවත්

විස්සයි විස්ස ලෝක කුසලානයේ පලමු වටයේ තම දෙවන තරඟයට ක්‍රිඩාකරන ශ්‍රිලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව පලමුව පන්දුවට පහර දෙමින් කඩුළු 8ක් දැවී ලකුණු 152ක් ලබා ගැනීමට සමත් විය.

එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රිඩක කාර්තික් මෙයියාපන් ලකුණු 19ට කඩුළු ත්‍රිත්වයක් (Hattrick) ලබා  ගැනීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තබමින් අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක වේගවත් ලකුණු 74ක් රැස්කළේය.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක පැතුම් නිස්සංක දැවී ගියේ බැසිල් හමීඩ් රැකගත් විශිෂ්ට උඩපන්දුවක් හමුවේය.

එම අවස්ථාව පහතින්.



පන්දු යැවීමේදී UAE කණ්ඩායම වෙනුවෙන් කාර්තික් මෙයියප්පන් කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට සමත්විය.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වයි.

එසේම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක කඩුලු ත්‍රිත්වයක් ලබාගත් 05 වන ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසයට එක්විය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment