සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල 2022 නොවැම්බර් මාසය අවසන් වීමට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් සිසුන් ගැටලුවලට මුහුණ පා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ විසින් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එවැනි ගැටලුවක් තිබෙන බවට විභාග දෙපාර්තමේන්තුවෙන් අමාත්‍යාංශයට දන්වා නොමැති බවත් මේ වන විට ප්‍රතිඵල සකසමින් පවතින බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
“ඒ දරුවන්ට කිසිසේත්ම කලබල වෙන්න දෙයක් නැහැ. විභාගය පැවැත්වූවේ ඉතාම අර්බුදකාරී අවස්ථාවක. ඉන්ධන හිඟය , ගුරුවරුන්ට ඒමට ඉන්ධන නොමැතිකම. නිසි ලෙස විභාග මධ්‍යස්ථානවලට ගුරුවරුන්ට යොදවාගත නොහැකිවීම.ඒ වගේම හැඳුනුම්පත් නිකුත් කිරීමේ ප්‍රමාදය නිසා විදුහල්පතිවරයා විසින් ඒ පාසලේ අයදුම්කරුවාගේ ඡායාරූපය සහතික කරලා තිබෙනව නම් ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ හැදුනුම්පත් ගන්න බැහැ. ප්‍රතිඵල නියමිත කාලයේ දී නිකුත් කරාවි.”