UAE පරදා ශ්‍රි ලංකාවට ලකුණු 79ක ජයක් - #T20WorldCup - Sri Lanka Vs UAE

October 18, 2022 - 5:01 PM

UAE පරදා ශ්‍රි ලංකාවට ලකුණු 79ක ජයක් -  #T20WorldCup - Sri Lanka Vs UAE | ක්‍රීඩා පුවත්

විස්සයි විස්ස ලෝක කුසලානයේ A කාණ්ඩයේ අද පැවති තරඟයෙන් එක්සත්අරාබි එමීර් කණ්ඩායම  ලකුණු 79 කින් පරාජය කරන්නට ශ්‍රිලංකා කණ්ඩායම සමත් වුනා.

 
කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් කණ්ඩායමයේ ඇරයුමෙන් පලමුව පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 152ක් ලබා ගත්තා.
 
ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 74ක් සහ ධනංජයද සිල්වා ලකුණු 33ක් ලබා ගත්තා.
 
එක්සත් අරාබි එමීර් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ කාර්තික් මෙයියාපන් කඩුළු ත්‍රිත්වයක් (Hattrick) ලබා ගැනීමට සමත්වීම විශේෂත්වයක්. විස්සයි විස්ස ලොක කුසලාන තරඟයකදී එවැනි දස්කමක් දැක් වූ ලොව පස් වැනි ක්‍රිඩකයාවේ.
 
ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය UAE ක්‍රිඩකයන් ලකුණු 73කට සියළු දෙනා දැවී ගියා.
ආර්යන් ඛාන් ලකුණු 19, ජුනයිඩ් සිද්ධික් 18යි.

ලකුණු 8කට කඩුළු 3ක් දවාගන්නට වනිඳු හසරංග සමත් වුනා. දුෂ්මන්ත චමීර ලකුණු 15 කට කඩුළු 3යි.

තරඟයේ වීරයා පැතුම් නිස්සංක.

සම්පූර්ණ ලකුණු පුවරුව පහතින්

screenshot_20221018_171310 
screenshot_20221018_171420 

screenshot_20221018_171445 
screenshot_20221018_171332 

A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව මේවන විට ශ්‍ර ලංකා කණ්ඩායම තුන්වැනි ස්ථානයේ පසුවේ.

screenshot_20221018_173007 

WhatsApp
Telegram
Make a Comment
Make a Comment