අද දවසේ වැසි තත්ත්වය මෙන්න

October 19, 2022 - 7:47 AM

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් අද (ඔක්. 19) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති වීමේ හැකියාවක් ද පවතී.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් දකුණු පළාතෙත් විටින් විට හමන පැයට කිලෝ මීටර් (40-45)ක පමණ තද සුළං ද ඇති විය හැක.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment