වවුනියාව, නෙදුන්කේනි පොලිස් වසමේ ශිවා නගර් ප්‍රදේශයේදී ඊයේ (ඔක්. 18) රාත්‍රී කාලයේදී තරුණියකට වෙඩි තබා ඝාතනය කර තිබේ.
මරණකාරිය වයස අවුරුදු 21ක් වන ශිවා නගර්, නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පොලිසිය සඳහන් කළේ, ඝාතනයට ලක් වූ අදාළ තරුණිය තම නිවස පිටුපස දොර විවෘත කර මිදුලට පැමිණි අවස්ථාවේ නිවස අසල සැඟව සිටි අයෙකු වෙඩි තබා පළා ගොස් ඇති බව ට පොලිසිය සැක පළ කරන බව ය.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පැවසීය.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වීම සඳහා වවුනියාව රෝහල වෙත රැගෙන ගොස් ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නෙදුන්කේනි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.