ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අනුරාධපුරයේදි

October 19, 2022 - 11:44 AM

ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අනුරාධපුරයේදි | දේශීය පුවත්

අපවත් වී වදාළ අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔක්තොම්බර් 22 (සෙනසුරාදා) පස්වරු 2.30 ට අනුරාධපුරයේදී සිදුකිරීමට නියමිත බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසනවා

ආදාහන පූජෝත්සවය  පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිත අතර එම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පත් කර තිබෙනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment