දෛනිකව රා ලීටර් 115,000 ක් පමණ නීති විරෝධී සහ සෞඛ්‍යයට අහිතකර ක්‍රමවේද භාවිත කරමින් නිෂ්පාදනය කෙරෙන බව මුදල් අමාත්‍යංශයේ අද(19) පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකාවේ දෛනික රා අවශ්‍යතාව ලීටර් 160,000 ක් වුවත් දෛනික රා නිෂ්පාදනය දැක්වෙන්නේ ලීටර් 45,000 ක් ලෙසයි.
ඉතිරි ප්‍රමාණය සැපයීම සඳහා මෙලෙස සෞඛ්‍ය සම්පන්න නොවන ක්‍රමවේද භාවිත වන බවයි අනාවරණ වී ඇත.
මේ අතර මධ්‍යසාර නිෂ්පාදකයින් විසින් මධ්‍යසාර අලෙවිසැල් පවත්වාගෙන යාම මගින් රජයට අයවිය යුතු බදු මුදල් අහිමිවීම පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සුරාබදු කොමසාරිස්වරයා වෙත නියෝග කර තිබේ.