නෙදර්ලන්තයට ලකුණු 163ක ඉලක්කයක් - #T20WorldCup - Srilanka vs Netherland

October 20, 2022 - 11:10 AM

නෙදර්ලන්තයට ලකුණු 163ක ඉලක්කයක් - #T20WorldCup - Srilanka vs Netherland | ක්‍රීඩා පුවත්

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රි ලංකාව සහභාගී වන තුන්වැනි තරඟයේ පලමුව පන්දුවට පහර දෙමින් කඩුළු 6ක් දැවී ලකුණු 162ක් ලබා ගැනීමට සමත් වුනා.

 
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 79ක් ලබා ගැනීමට සමත් වුනා.
 
පන්දු යැවීමේදී පෝල් වෑන් මීකෙරෙන් සහ බාස් ඩී ලීස්  කඩුළු 2 බැගින් දවා ගත්තා.

තරඟය ජය ගැනීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 163ක් ලබා ගත යුතුයි.

තරඟයේ කාසියේ වාසිය ජයගත් ශ්‍රි ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.
 
A කාණ්ඩයෙන් මෙම තරඟාවලියේ ඉදිරියට යෑම සඳහා අද පැවැත්වෙන තරඟය ජය ගැනීම ශ්‍රි ලංකාවට අත්‍යාවශය වනු ඇති.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment