කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා ස්ථාපිත කරන ලද “කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ලේකම් වෛද්‍ය තාරක ලියනපතිරණ මහතා මහජනතාවට දැනුම් දුන්නේ ලංකා බැංකුවේ “කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” ගිණුම් අංක 85737373 ඔක්තෝබර් 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අවසන් වූ බවයි. ඇති බවයි. මින් ඉදිරියට මෙම අරමුදලට පරිත්‍යාගයන් සිදු නොකරන ලෙස මහජනතාව දැනුම් දෙයි.
Covid-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ලැබී ඇති මුළු මුදල රු. 2,207,164,785.58 කි.
මෙම මුදලින් රු. 1,997,569,456.56 ක් PCR පරීක්ෂණ, දැනුවත් කිරීමේ වැඩසටහන්, නිරෝධායන කටයුතු සඳහා පහසුකම් සැපයීම , ජාතික එන්නත් වැඩසටහන, දැඩි සත්කාර ඒකක සඳහා ඇඳන් මිලදී ගැනීම සහ ඖෂධ මිලදී ගැනීම සඳහා යොදවා තිබුණි.
2022 ඔක්තෝම්බර් 18 වන විට, Covid අරමුදලේ ඉතිරිව ඇති මුදල වන රු. 216,877,431.05 ක් ශල්‍යකර්ම සහ වෛද්‍ය ආධාර ලබාදීම සඳහා ජනාධිපති අරමුදලට බැර කර ඇත.