පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවතී තරඟයේදී පැතුම් නිසංක ආබාධයකට ලක්වී තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව ඔහු අද තරගයේදී පන්දු රැකීම සදහා සහභාගී වුයේ නැහැ. ඔහු අද MRI ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බවයි ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.
මේ වන විට දුෂ්මන්ත චමීර හා ධනිෂ්ක ගුණතිලක ආබාධයන්ට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් කොට තිබෙනවා.