ලංකාවේ හැදෙන කොළ ඇපල් මුල්ම ඵලදාව ජනපති රස බලයි

October 20, 2022 - 5:24 PM

ලංකාවේ හැදෙන කොළ ඇපල් මුල්ම ඵලදාව ජනපති රස බලයි | දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
 
එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතා විසින්  ගල්ගමුව, තඹුත්තේගම ප්‍රදේශයේ අක්කර දෙකක භූමි ප්‍රමාණයක මෙම ඇපල් වගාව සිදු කර තිබේ.
 
ගොවි මහතාගෙන් වගාව පිළිබඳ තොරතුරු විමසූ ජනාධිපතිවරයා තමන් ඉදිරියේදී එම ඇපල් වගාව නැරඹීම සඳහා පැමිණීමට අපේක්ෂා කරන බව ද පැවසීය.
 
ඇපල් බීජය මෙරටට ගෙන්වා නව
පරීක්ෂණයක් සිදු කර වගාව ආරම්භ කළ බවත්, අක්කර දෙකක සරු ඵලදාවක් මේවන විටත් ලැබී ඇති බවත් ලක්ෂ්මන් කුමාර ගොවි මහතා සඳහන් කළේය.
 
මෙම වගාව ප්‍රචලිත කිරීමට අවශ්‍ය බීජ නිෂ්පාදනය කර ලබාදීමට හැකියාව පවතින බවත් ලංකාව තුළ ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකි අයුරින් මෙම බීජ නිපදවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
 
කොළ ඇපල් පිළිගත් ජනාධිපති රනිල්
වික්‍රමසිංහ මහතා එහි රස බැලීමට ද අමතක නොකළේය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment