පැතුම් ගැන ඕස්ට්‍රේලියාවෙන් අලුත් ආරංචියක්

October 20, 2022 - 5:44 PM

පැතුම් ගැන ඕස්ට්‍රේලියාවෙන් අලුත් ආරංචියක් | ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ ආබාධ තත්ත්වය පිළිබඳව මේ වනවිට විශේෂ ආරංචියක් ඔස්ට්‍රේලියාවෙන් ලැබී තිබේ.

එම ආරංචි මාර්ග සඳහන් කළේ පැතුම් නිස්සංකගේ ආබාධ තත්ත්වය එතරම් බරපතළ නොවන බවයි.

ඒ අනුව ඔහු සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගයට එක්වීමට නියමිතව ඇත.

නෙදර්ලන්තයට එරෙහිව අද පැවති තරගය අතරතුර පැතුම් නිස්සංක පාදයේ ආබාධයකට ලක්වූ බවට තොරතුරු වාර්තා විය.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වූයේ අනතුරුව ඔහු ස්කෑන් පරීක්ෂණයකට භාජනය කර ඇති බවය.

එම පරීක්ෂණවලට අනුව ඔහුගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවට අනාවරණය වී ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment