බිහිසුණු ටිපර් රථ අනතුරකින් මව සහ පුතු මරුට

October 21, 2022 - 9:59 AM

බිහිසුණු ටිපර් රථ අනතුරකින් මව සහ පුතු මරුට | දේශීය පුවත්

ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සිදුව ඇත්තේ කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව වලකුඹුර ප්‍රදේශයේදීය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති කාන්තාව 42 හැවිරිදි වියේ පසුවූ අතර ඇයගේ පුත්‍රයා 18 හැවිරිදි වියේ පසුවිය.

ඔවුන් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

අනතුරින් ත්‍රිරෝද රථය පැදවූ මියගොස් ඇති කාන්තාවගේ සැමියා සහ තවත් පුත්‍රයෙකු තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ඇත.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අලව්ව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment