රත්මලානේ ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට

October 21, 2022 - 10:18 AM

රත්මලානේ ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට | දේශීය පුවත්

රත්මලාන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ(20) පස්වරුවේ ගල්කිස්ස පොලීසිය විසින් වටලා තිබෙනවා.<br><br>ගල්කිස්ස පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර, එම ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සහ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.<br><br>මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22,25 සහ 29 වයස්වල පසුවන වතුරාව, කටුගස්තොට හා වල්පිට යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර ඔවුන් ව අද(21) ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment