අතුරුදන් වූ රග්බි ක්‍රීඩකයාගේ සිරුර හමුවෙයි

October 21, 2022 - 1:03 PM

අතුරුදන් වූ රග්බි ක්‍රීඩකයාගේ සිරුර හමුවෙයි | ක්‍රීඩා පුවත්  | විදේශීය පුවත්

ඔස්ට්‍රේලියානු ප්‍රකට ලීග් රග්බි ක්‍රීඩකයෙකුගේ මළ සිරුරක් ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජ ශාලාවක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Liam Hampson's නමැති ලීග් රග්බි ක්‍රීඩකයෙකුය.

Liam මියයන විට 24 හැවිරිදි වියේ පසුවිය.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ නිවාඩුවක් ගතකිරීම සඳහා Liam  ස්පාඤ්ඤය වෙත පැමිණ ඇති බවය.

එහිදී ඔහුගේ මිතුරන් විසින් Liam අතුරුදන් බවට එරට පොලීසිය වෙත පැමිණිලි කර තිබුණි.

ඒ අනුව පොලීසිය සිදුකරනු ලැබූ විශේෂ විමර්ශනයකදී ස්පාඤ්ඤයේ බාසිලෝනා හි රාත්‍රී සමාජ ශාලාවක තිබී මෙලෙස ඔහුගේ මළ සිරුර සොයාගෙන ඇත.

ඉහළ මාලයක සිට ඇදවැටීමෙන් Liam ගේ මරණය සිදුවන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන එරට පොලීසිය සැකපළ කරයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment