බිලියනපතියන් අතර තුන්වැනි තැනට අදානි එයි...

September 01, 2022 - 8:01 AM

බිලියනපතියන් අතර තුන්වැනි තැනට අදානි එයි... | විදේශීය පුවත්

බ්ලූම්බර්ග් දර්ශකයේ ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතර තෙවන ස්ථානයට ඉන්දියාවේ ගෞතම් අදානි පත්ව සිටිනවා. 

 
60 හැවිරිදි අදානි එම දර්ශකයේ තෙවන ස්ථානයට පත්වූ පළමු ආසියාතිකයායි.  
 
ඇමෙරිකානු ඩොලර් බිලියන 137.4 ක වත්කම් සමඟ ගෞතම් අදානි ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝල්ට් අභිබවා ගොස් ඇති අතර, එක්සත් ජනපදයේ එලොන් මස්ක් සහ ජෙෆ් බෙසෝස් ට පසුපසින් සිටිනවා.
 
ඉන්දියාවේ මුකේෂ් අම්බානි සහ චීනයේ ජැක් මා මෙතෙක් එම ස්ථානයට පැමිණ නැහැ.
 
පාසල් අධ්‍යාපනයෙන් පසු දියමන්ති ව්‍යාපාරයක් ආරම්භ කළ අදානි පසුව ගල් අඟුරු ව්‍යපාරයේ සිට වරාය, දත්ත මධ්‍යස්ථාන, සිමෙන්ති, මාධ්‍ය සහ ඇලුමිනා දක්වා ව්‍යාපාර ව්‍යාප්ත කළා. 
 
ඔහු ඉන්දියාවේ විශාලම පුද්ගලික වරාය සහ ගුවන් තොටුපොළ, ගෑස් බෙදාහරින්නා සහ ගල් අඟුරු පතල් හිමියායි. 
 
අදානිට අයත් ඕස්ට්‍රේලියාවේ Carmichael ගල් අඟුරු පතල පරිසරවේදීන්ගේ බලවත් විවේචනයට ලක්වූණා. 
 
ලොව විශාලම පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයා බවට පත්වීමට හරිත බලශක්තිය සඳහා ඩොලර් බිලියන 70 ක් ආයෝජනය කිරීමට ගෞතම් අදානි පසුගියදා පොරොන්දු වී තිබෙනවා. 
 
ඔහු අවධානය යොමු කළේ අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ දිගුකාලීන ඉලක්ක සපුරාලීම සඳහා තීරණාත්මක යැයි සලකන ක්ෂේත්‍ර පිළිබඳවයි.
 
ගෞතම් අදානි මේ වසරේ පමණක් ඩොලර් බිලියන 60.9 ක් එකතු කර ඇති අතර, එය අන් සියල්ලන්ට වඩා පස් ගුණයක වැඩිවීමක්. 
 
පසුගිය පෙබරවාරි මාසයේ දී ධනවත්ම ආසියාතිකයා බවටත්, අප්‍රේල් මාසයේදී බිලියනපතියෙකු බවටත් පත්වූ අම්බානි පසුගිය මාසයේ ලොව සිව්වන ධනවත්ම පුද්ගලයා ලෙස Microsoft Corp හි Bill Gates අභිබවා ඉදිරියට පැමිණියා. 
 
ලොව ධනවත්ම එක්සත් ජනපද බිලියනපතියන් කිහිප දෙනෙකු පසුකර යාමට අදානි ට හැකි වූයේ පසුගිය කාලයේ ඔවුන්ගේ පරිත්‍යාගශීලීත්වය ඉහළ නැංවීම හේතුවෙන්. 
 
ජූලි මාසයේදී ගේට්ස් ඩොලර් බිලියන 20 ක් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමට මාරු කළ අතර, වොරන් බෆට් ඩොලර් බිලියන 35 කට වඩා පුණ්‍යායතනයවලට පරිත්‍යාග කර තිබෙනවා. 
 
බ්ලූම්බර්ග් දර්ශකයේ ගේට්ස් පස්වැනි ස්ථානයටත් බෆට් හයවැනි ස්ථානයටත් පහළ ගොස් ඇත්තේ ඒ අනුවයි.
 
60 වැනි උපන්දිනයට සමාජ සත්කාර සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 7.7 ක් පරිත්‍යාග කිරීමට ගෞතම් අදානි ජුනි මාසයේදී පොරොන්දු වී තිබෙනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment