අපවත්වී වදාල අටමස්ථානාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්ස්වය අද

October 22, 2022 - 9:14 AM

අපවත්වී වදාල අටමස්ථානාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්ස්වය අද | දේශීය පුවත්

අපවත් වී වදාල අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්ස්වය අද (22) අනුරාධපුරයේදී පැවැත්වේ.

උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා ජය ශ්‍රී මහා බෝධිය අසල පිහිටි සන්නිපාත ශාලාවේ මේ වනවිට තැන්පත් කර තිබේ.

අද පස්වරු 02.30 ට අනුරාධපුරයේදී ආදාහන පූජෝත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බව රුවන්වැලි මහ සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ පැවසුහ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment