අධික වර්ෂාව හේතුවෙන් දිය ඇලි, වැව්, ගංඟා සහ වෙරළ තීර ආශ්‍රිතව දිය නෑමෙන් වළකින ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.
ජල මට්ටම එක්වර ම ඉහළ යාමට හැකියාවක් පවතින බැවින් ගංඟා පහළ ප්‍රදේශවල වාසය කරන පදිංචිකරුවන් හා විවිධ සංචාරවල නිරතව සිටින පුද්ගලයින් එම ගංඟා සහ අතු ගංඟාවල සිදු කරන ක්‍රියාකාරකම්වලදී සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව පොලිසිය පවසයි.
දිය ඇලි, වැව්, ගංගා හා වෙරළ තීර ආශ්‍රිතව රාජකාරී නිරතව සිටින ජීවිතාරක්ෂක හා ප්‍රජා පොලිස් නිලධාරීන් ලබා දෙන උපදෙස් පරිදි ක්‍රියා කරන ලෙස ත් එම ස්ථානවල ප්‍රදර්ශනය කර ඇති අවවාදාත්මක දැන්වීම සම්බන්ධව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ත් එම ස්ථානයන්හි මත්පැන් පානය කර දිය නෑමෙන් හැකිතාක් වළකින ලෙස ත් විශේෂයෙන් කුඩා ළමුන් එම ස්ථානවලට යොමු කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහ ජනතාවගෙන් වැඩිදුරට ත් ඉල්ලා සිටියි.