ශ්‍රි ලංකාව අයර්ලන්තය පරදා කඩුළු 9ක විශිෂ්ඨ ජයක් ලබයි - #T20WorldCup - Sri Lanka Vs Ireland

October 23, 2022 - 12:31 PM

ශ්‍රි ලංකාව අයර්ලන්තය පරදා කඩුළු 9ක විශිෂ්ඨ ජයක් ලබයි -  #T20WorldCup - Sri Lanka Vs Ireland | ක්‍රීඩා පුවත්

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රි ලංකාව සහභාගී වූ පළමු තරඟයෙන් අයර්ලන්තය පරදා කඩුළු 9 කින් ජය ලබන්නට සමත් වුනා.

තරඟයේ කාසිය වාසිය දිනු අයර්ලන්ත නායකයා තීරණය කලේ පළමුව පන්දුවට පහරදීමටයි.ශ්‍රි ලංකා පන්දුයවන්නන් හමුවේ එතරම් සාර්ථක නොවූ අයර්ලන්ත පිතිකරුවන් කඩුළු 8ක් දැවී ලනුණු 128ක් ලබා ගත්තා.

අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ  හැරි ටෙක්ටර් ලකුණු 45යි. පෝල් ස්ටියර්ලින්ග් ලකුණු 34යි.
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂන සහ වනිඳු හසරංග කඩුළු 2 බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේ කුසල් මෙන්ඩිස් සමඟින් ධනංජය ද සිල්වා. ලකුණු 31 ක් ලබා සිටියදී ධනංජය ද සිල්වා පළමු කඩුල්ල ලෙස දැවී ගියා.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68යි.චරිත් අසලංක නොදැවී 31යි.
පන්දුවාර 15 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු  133ක් ලබා ශ්‍ර ලංකා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කලේ කුසල් මෙන්ඩිස් ඩීප් ස්ක්වෙයාර් ලෙග් කලාපය හරහා  එල්ල කල දැවැන්ත හයේ පහරක් සමඟයි.

ශ්‍රි ලංකා ඉනිමේ දැවී ගිය එකම කඩුල්ල දවාගත්තේ ගරෙත් ඩෙලානෙ.

තරඟයේ වීරයා කුසල් මෙන්ඩිස්

ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගී වන මීලඟ තරඟය අනිද්දා (23) පර්ත්හීදී  ⁣පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟයි.

සුපිරි 12, Group 01  ප්‍රසාද ලකුණු සටහනේ මේවනවිට ශ්‍රි ලංකාව දෙවැනි ස්ථානයේ පසුවේ.

newsx-sri-lanka-1666509553_2872969

WhatsApp
Telegram
Make a Comment
Make a Comment