මහවෙල පොලිස් වසමේ සැකකටයුතු මරණයක්

October 24, 2022 - 8:00 AM

මහවෙල පොලිස් වසමේ සැකකටයුතු මරණයක් | දේශීය පුවත්

මහවෙල පොලිස් වසමේ හෝමාපොල වතුර ටැංකිය අසල කැළෑ ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබේ.

අදාළ පුද්ගලයා එළුවන් සඳහා කොළ අතුකැපීමට ගොස් සිටියදී සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි මහවෙල පොලීසිය සඳහන් කළේය.

එලෙස මියගොස් ඇත්තේ, 58 හැවිරිදි හෝමාපොල ජනපද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) සිදුකිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment