සමගි ජන බලවේගයෙන් ඉවත් වී ආණ්ඩුවට එකතු වීමට යමෙක් අදහස් කරන්නේ නම් එය ඔහුගේ දේශපාලන ගමනේ අවසානය වනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේ, ඉදිරි මැතිවරණවලදී අවස්ථාවාදී දේශපාලඥයින්ට ප්‍රතිචාර දැක්වීමට ජනතාව සුදානමින් පසුවන බවයි.
මහනුවර ප්‍රදේශයේ පැවැති සමගි ජනබලවේගයේ ජනහමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළා
"සමගි ජන බලවේගයෙන් යනවාලු ආණ්ඩුවට. මම එකක් කියන්න කැමතියි කවුරුත්නම් යන්නෙ නැහැ. හැබැයි ගියොත් ඉතින් එයාලගේ දේශපාලන මරණ සහතිකය තමයි ඒ අය අත්සන් කර ගන්නේ. මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා කවුද අවස්ථාවාදී දේශපාලනය කරන්නේ. කවුද සටකපට දේශපාලනයේ නිරත වෙලා සිටින්නේ. කවුද ජනතාව බිල්ලට තියලා ජනතාවගේ කරපිටින් ඡන්ද ගත්ත අය වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ලබාගන්නට ආණ්ඩුවට එකතුවෙන්නේ කියලා හොඳින් බලාගෙන ඉන්නවා. දැන් බලන්න විපක්ෂයේ ඉඳගෙන හොඳයි කියලා හිතුනු දේකට අපි උදව් කරනවා. ඒක අංග සම්පූර්ණ විසඳුම නෙමෙයි. අපි 22ට ඡන්දය දුන්නේ ඇයි 20ට වැඩිය ඩිංගිත්තක් හොඳ නිසා, චුට්ටිත්තක් හොඳ නිසා. එහෙම නැතිව 22 නෙමෙයි රටේ දේශපාලන ප්‍රශ්නයට තියෙන හොඳම විසඳුම. ඒක අරික්කාලේ විසඳුමක්."