හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය සටනෙන් ඉවත්වන බවට නිවේදනය කිරීමත් සමඟ පක්ෂ නායකත්වයට මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඉන්දීය සම්භවයක් සහිත හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් මේ වනවිට ඔහුට සහය පළ කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
ලබන 28 වනදා නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරාපත් කරගැනීමට නියමිතව තිබෙනවා.
පසුගිය ජූනි මාසයේදී හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළ අතර, පසුව අග්‍රාමාත්‍ය ධුරයට ලිස් ට්‍රස් පත්වුණා.
කෙසේ වෙතත් ඇයට එම ධුරයේ කටයුතු කිරීමට හැකිවූයේ දින 44 ක් පමණයි.
ඒ අනුවයි පාලක කන්සර්වේටිව් පක්ෂයට මෙන්ම බ්‍රිතාන්‍යයට නව නායකයෙකු තෝරාපත් කරගැනීමට සිදුව ඇත්තේ.
කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා මන්ත්‍රීවරුන් 100කගේ මනාපය හිමිවිය යුතු අතර, බ්‍රිතාන්‍යය ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍ය ධුරය ද හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටයි.