බදු ඉහළ නැංවීමට එරෙහිව හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ

October 24, 2022 - 8:31 AM

බදු ඉහළ නැංවීමට එරෙහිව හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ | දේශීය පුවත්

උපයන විට අයකරන බද්ද හේතුවෙන් තමන්ගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බව සමස්ථ ලංකා හෙද සංගමය පවසනවා.

එහි සභාපති වෛද්‍ය ජයන්ත බණ්ඩාර කොළඹ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

එමෙන්ම මසකට රුපියල් ලක්ෂය වැටුපක් ලබා ගන්නා හෙද සේවකයින්ගෙන් රුපියල් 6000ක මුදලක් රජය විසින් අයකරගැනීමට ගත් තීරණය ඉවත්කර නොගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවයි සමස්ත ලංකා හෙද සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්. එම් මැදිවත්ත කියා සිටියේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment