වැටලීම් සිදු කිරීම ගැටලුවට විසදුමක් නොවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
පාන් රාත්තලක නියමිත බර නොමැති බවට ලැබී ඇති පැමිණිලි මත මේ දිනවල වැටලීම් සිදුකිරීමටයි පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත්තේ.
එම අධිකාරිය සඳහන් කළේ අඩු බර පාන් අලෙවි කළ වෙළෙඳ සැල් 70කට අධික සංඛ්‍යාවකට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
කෙසේ වෙතත් බේකරි හිමියන්ගේ ගැටළුවලට විසඳුම් ලබානොදී වැටලීම් සිදු කිරීම පළක් නොවන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.