අර්ධ සූර්යග්‍රහණයක් හෙට

October 24, 2022 - 8:46 AM

අර්ධ සූර්යග්‍රහණයක් හෙට | තාක්ෂණික පුවත්  | දේශීය පුවත්

අර්ධ සූර්යග්‍රහණයක් හෙට සිදුවීමට නියමිත බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

මෙය යාපනය ප්‍රදේශයට සම්පූර්ණයෙන්ම දිස්වන අතර, එය විනාඩි 22 කාලයක් දැකගත හැකියි.

කොළඹ දී එය නිරීක්ෂණය කළ හැකිවන්නේ පස්වරු 5.43 සිට 5.52 දක්වා පමණයි.

සූර්යග්‍රහණයේ උපරිම ග්‍රහණ අවධිය පස්වරු 5.49 සිදුවන අතර, එහි අවසානය පස්වරු 6.20ට සිදුවීමට නියමිතයි.

කෙසේ වෙතත් මෙම අර්ධ සූර්යග්‍රහණය සිදුවන විට සූර්යයා බැසයාමට ඉතා ආසන්න වීම හේතුවෙන් සහ එය උපරිම අවස්ථාව වනවිට චන්ද්‍රයාගෙන් සූර්යාගේ මුහුණත වැසෙන්නේ අල්ප ප්‍රමාණයක් වීම හේතුවෙන් මෙය ලක්වාසීන්ට දැකබලාගැනීම අවම වනු ඇති බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment