ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු වැඩි කෙරේ

October 24, 2022 - 11:09 AM

ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු වැඩි කෙරේ | දේශීය පුවත්

කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද 150% කින් වැඩි කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.  ඒ අනුව පසුගිය අගෝස්තු 1 වනදා සිට එතෙක් කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික බද්ද  රුපියල් කෝටි 20 සිට කෝටි 50 දක්වා ඉහළ දමා තිබෙනවා

තවද ඔට්ටු සහ සූදු සඳහා බදු වැඩි කිරීමේ අරමුණින් එම පනත  සංශෝධනය කර තිබෙන අතර කැසිනෝ ලියාපදිංචි ගාස්තුව විශාල ලෙස ඉහල දමමින් මෙරට පුද්ගලයකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළුවීමේ දී ඩොලර් 20ක ගාස්තුවක් අය කිරීමක් සිදුකෙරෙනවා.

තවද සජීවි ඔට්ටු මධ්‍යස්ථාන සඳහා රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද  රුපියල් ලක්ෂ 10ක් දක්වාද පිරිවැටුම් මත අය කෙරෙන 10% ක බද්ද 15%ක් දක්වාද

ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට රුපියල් මිලියන 5 දක්වාද වැඩිකර තිබෙනවා

තවදුරටත් සජීවි නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000 සිට රුපියල් 75,000 දක්වා වැඩි කර තිබෙන අතර එම ව්‍යාපාරවල  ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරෙනවා.

මීට අමතරව මත්පැන් බෝතලයකින් අවම වශයෙන්  75%ක බද්දක් අයකරන අතර

දුම්වැටියකින් 85%කට ආසන්න බද්දක් අය කරනු ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment